Popular Posts

තනිකමද තුරුලු කොට...


තනිකමද තුරුලු කොට...

මේ විසල් අහස් කුස
නෙක විහග කැල සරන
තනිකමද තුරුලු කොට

සරන්නට හිත ඇතුව
සොයා ආ හිතවතිය නුඹ
එදා.....

තනිකමම උරුමයක් කර
යන්න ගොස් වෙන අහසක සරන්නට නුඹ
මෙදා.....



කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව ආශ්‍රිතව ගත් 
ජායාරූප එකතුවකි(මගේ ගමේ පොටෝ ගන්න අවසර ඕනෑයෑ මට.) ඇවරිහේන වැව.තලංගම වැව,මෙන්ම බත්තරමුල්ල වැව යන නම් වලින් හදුන්වන්නේ මෙම වැවයි..
<

පරිස්සමින් මගේ පුතේ !...



පරිස්සමින් මගේ පුතේ !



පුතේ මේ ලෝකය හරිම නපුරු බව හොදට මතක තියා ගනින් පුතේ......
උඹට වැරදෙන තැනක් එනකම් නුඹව ගොදුරු කරගන්න
මාන බලන් නොමිනිසුන් හුගක් නුඹ දිහා බලන් ඉන්න වග මතක තියා ගනින් මගේ පුතේ......
දවසක උන් එක්ක හැප්පෙන්න උඹටත් අවස්තාවක් එයි පුතේ.....
ඒදාට මං හිටියත් නැතත් 
''උඹ පරිස්සම් වෙයන් මගේ රත්තරං පුතේ......''



කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව ආශ්‍රිතව ගත් 
ජායාරූප එකතුවකි(මගේ ගමේ පොටෝ ගන්න අවසර ඕනෑයෑ මට.) ඇවරිහේන වැව.තලංගම වැව,මෙන්ම බත්තරමුල්ල වැව යන නම් වලින් හදුන්වන්නේ මෙම වැවයි..
<

නිදහසේ දිනක්...


අහස සරා ඉගිලී ඉගිලී
සොය සොයා සෙනෙහසක්
නිදහසේ විදින්නට
නුඹගැඹේ සරන්නට
සියොත් කැල සමගින්ම
නිදහසේ දිනක් 
උදා වෙනවා සත්තයි...


කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව ආශ්‍රිතව ගත් 
ජායාරූප එකතුවකි(මගේ ගමේ පොටෝ ගන්න අවසර ඕනෑයෑ මට.) ඇවරිහේන වැව.තලංගම වැව,මෙන්ම බත්තරමුල්ල වැව යන නම් වලින් හදුන්වන්නේ මෙම වැවයි..
<

කැඩපතින් මගේ මුව දෙසබලා...



මේ විසල් විල් තෙරේ

සැරි සරා දසතේ


සොයා ආ නුඹ 

නොමැති වග දැන

කදුළු නෙත් අග

රූරා වැටෙත්දී

කැඩපතින් මගේ මුව දෙසබලා 

සෝ සුසුම් හෙලනු මිස 

අන් කුමන අයිතියද මා හට.......



(මෙයා මේ විදිහට එයාගේ රූපෙම ජලයෙන් දකිත්දී සිතන්නැති...) 



කොළඹ දිස්ත්‍රික්කයේ ඇති අතලොස්සක් වැව් අතරින් ප්‍රමුක තැනක් හිමිවන තලංගම වැව ආශ්‍රිතව ගත් 
ජායාරූප එකතුවකි(මගේ ගමේ පොටෝ ගන්න අවසර ඕනෑයෑ මට.) ඇවරිහේන වැව.තලංගම වැව,මෙන්ම බත්තරමුල්ල වැව යන නම් වලින් හදුන්වන්නේ මෙම වැවයි..
<

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...



නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක්


ප.ලි - 

ඇස් ඇරගන්න බැරි තරම් ඉර අව්වේ සැර,
බලාගෙන ඉදිත්දි හිදිලා යන වතුර පාර
අසරණ උනු මාළු පැටව්,
උන්ගේ අසරණකමින් බැදුමකට උන්ව ප්‍රයෝජනය ගන්න බලන් ඉදපු කොල්ලෝ,
මේ ඔක්කොමත් එක්ක සටන් කරලා 
මායි මගේ යාලුවයි 
මාලු පැටුව් තිහ හතලිහකගෙ පන බේරුවා...
හිතට හරිම සන්තොසයි 
ජීවිත ගොඩක් බේරගන්න ලැබුනට...
<

පුංචි දගකාරයා...


පොඩ්ඩ්ක්වත් නිකන් ඉන්නේ නැහැ පුදුම විසයක් මෙයාට තියෙන්නෙ...

නියමිත ආකරයට දර්ශන තලය සකසාගෙන,
නියමිත පරිදී පසුබිමද සකසා,
නීරුපන ශිල්පියා නියම ආකාරයට ස්ථාන ගතකොට,
කලින් කරන ලද මේකප් එකට සරිලන පරිදි ආලෝක තත්වයද සකසා,
කැමරාව නියම ආකාරට ජායාරූපය ගැනීමට අවශය පරිදි කැමරාවේ සැකසුම් සකසා,
නීරූපන ශිල්පියා කැමරාව දෙසට ස්තාන ගතකොට
හිස පොඩ්ඩක් ඇලකරන ලෙස පවසා...

''ඕකේ'' කියාගත් පෝට් රේට් ජායාරූපයකි...:D



<

දිවියට එලිය දුන් දයාබර අම්මා...


මගේ ප්‍රථම ජායාරූපය මගේ ආදරණීය අම්මා මගේ ලෝකයේ ප්‍රථම රුව ඇයයි...

''පොවා කිරි කර ලේ
ලබා දුන් උණුසුමට 
නැගිටින්න දුන් දිරියට
පිං අයිති වෙයි අම්මේ නුඹට...''






<

මගේ ආදරණීය අම්මා...


මගේ ප්‍රථම ජායාරූපය මගේ ආදරණීය අම්මා මගේ ලෝකයේ ප්‍රථම රුව ඇයයි...

''පොවා කිරි කර ලේ
ලබා දුන් උණුසුමට 
නැගිටින්න දුන් දිරියට
පිං අයිති වෙයි අම්මේ නුඹට...''




<