Popular Posts

අහිංසකයෙකුට ජීවිතේ ආයෙමත්...



නියගයෙන් ඉරි තැලුනු
වැහි පොදත් තරහා වුනු
වෙනදාට මල් පිපිණු
මින් කැලත් මියැදුනු
මේ විසල් වැව් තෙරේ
අසරණව පණ අදින
අවසාන හුස්ම පොද හෙලන
අහිංසකයෙකුට
ජීවිතේ දුන්නා නුඹ ආයෙමත්...

ජායාරූපය - වෙනදාට උතුරායන අද පතුලටම දිය හිදුනු යෝධ වැව මැද
ජීවිතේ හොයන පුංචි මාලු පැටියෙකුට ජීවය දුන්
මගේ මිත්‍රයෙක්


ප.ලි - 

ඇස් ඇරගන්න බැරි තරම් ඉර අව්වේ සැර,
බලාගෙන ඉදිත්දි හිදිලා යන වතුර පාර
අසරණ උනු මාළු පැටව්,
උන්ගේ අසරණකමින් බැදුමකට උන්ව ප්‍රයෝජනය ගන්න බලන් ඉදපු කොල්ලෝ,
මේ ඔක්කොමත් එක්ක සටන් කරලා 
මායි මගේ යාලුවයි 
මාලු පැටුව් තිහ හතලිහකගෙ පන බේරුවා...
හිතට හරිම සන්තොසයි 
ජීවිත ගොඩක් බේරගන්න ලැබුනට...
< >

No comments:

Post a Comment